2024 වසරට සිදු කරන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

2024 වසරට සිදු කරන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

2024 නව වසරේ පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ජනවාරි මස 03 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 40,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 70,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 50,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

Share This