2024 වසරේ කැරිබියන් දූපත් වෙත එන දරුණු පළමු සුළි කුණාටුව

2024 වසරේ කැරිබියන් දූපත් වෙත එන දරුණු පළමු සුළි කුණාටුව

දරුණු සුළි කුණාටුවක් සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීමක් කැරිබියන් දූපත් වෙත නිකුත් කර තිබෙනවා.

“බෙරිල්” නමැති මෙම සුළි කුණාටුව කැරිබියන් දූපත් වෙත මේ වසරේදී පැමිණෙන පළමු සුළි කුණාටුව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම සුළි කුණාටුව දරුණු තත්ත්වයේ පවතින එකක් වන බවට අනතුරු අඟවා ඇති අතර දැනට බාබඩෝස් හි සිට කිලෝමීටර් 850ක පමණ දුරින් පවතින බවට අනතුරු අඟවා තිබෙනවා.

“බෙරිල්” සුළි කුණාටුව ජනතාවගේ දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

සුළි කුණාටුව පැයට කිලෝමීටර් 179ක පමණ වේගයකින් හමා යනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Share This