
2025ට ඉලක්කගත සුරාබදු ආදායමෙන් 104%ක් මුල් මාස 05න්ම උපයයි
2025 වසරේ රුපියල් බිලියන 242ක් වූ ඉලක්කගත සුරාබදු ආදායමෙන් මැයි මස 31 වනවිට සියයට 104 ක ප්‍රමාණයක් උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තු පවසනවා.
2025 මැයි 31 වන විට අපේක්ෂිත ප්‍රමාණයෙන් 104% ක් එනම් බිලියන 98ක් උපයාගත හැකිවූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2025 වසර සඳහා ඉලක්කගත සුරාබදු ආදායම වන රුපියල් බිලියන 242 න් රුපියල් බිලියන 240ක් මත්පැන්වලින් ද රුපියල් බිලියන 2ක් බීඩිවලින් ද ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.
පසුගිය වසරේ මැයි 31 වන විට ලැබූ ආදායම රුපියල් බිලියන 88ක් බවත් ඒ අනුව මෙම වසරේ රුපියල් බිලියන 10 ක ආදායමක් මේ වන විට උපයා තිබෙනවා.
නව රජය බලයට පත්වීමත් සමග නීතිවිරෝධි මත්පැන් කර්මාන්තවලින් බොහෝ පිරිසක් ඉවත් වීම නිසා රජයට ආදායම් එකතුවීම මෙයට ප්‍රධාන හේතුවක් බවයි වාර්තා වන්නේ.