
2025 විදේශ ආයෝජන ඉහළට
2025 වසරේ පළමු මාස 9 තුළ විදේශ ප්‍රාග්ධන ගලා ඒම සමග ඍජු විදේශ ආයෝජන අමෙරිකානු ඩොලර් මිලියන 827ක් දක්වා ලඟා වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.
එය ඉකුත් 2024 වසරේ අනුරූප කාල පරිච්ඡේදය හා සසඳන විට 138%ක කැපී පෙනෙන වර්ධනයක් බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.
එලෙස ලද සමස්ථ විදේශ ප්‍රාග්ධන ආයෝජන සැළකීමේදී ඍජු විදේශ ආයෝජන ගලා ඒමට අනුව අභ්‍යන්තර සමාගම් ණය ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 231කුත් , කොටස් ප්‍රාග්ධනය ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 133කුත් , ලාභ ප්‍රති ආයෝජනය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන132 ක් සහ වාණිජ ණය ඔස්සේ ඇමරිකානු ඩොලර් මිලියන 331කුත් ලෙස ආයෝජන ලැබීම් සටහන් වී තිබෙනවා.
එමෙන්ම 2025 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුල ඍජු විදේශ ආයෝජන ගලාඒම ආර්ථික ක්ෂේත්‍ර ලෙස සැළකීමේදී 41%ක ඉහළම ආයෝජන ප්‍රතිශතයක් නිශ්පාදන අංශය වෙතත්, 28%ක ආයෝජන ප්‍රතිශතයක් වරාය සංවර්ධනය සඳහාත් , 12%ක ආයෝජන ප්‍රතිශතයක් සංචාරක ක්ෂේත්‍රය සඳහාත් යොමු වී තිබීම විශේෂත්වයක්.
එවන් පසුබිමක හම්බන්තොට ජාත්‍යන්තර වරායේ මෙහෙයුම් පරිමාව 2025 වසරේ සැප්තැම්බර් මාසය වන විට මෙට්‍රික් ටොන් මිලියන 6.02ක් දක්වා ඉහළ ගොස් ඇති බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිවේදනය කර තිබෙනවා.
එය 2024 වසරේ අනුරූප කාල සීමාවේ පෙන්නුම් කරන ලද මෙට්‍රික් ටොන් මිලියන 2.39ක පරිමාව හා සැසඳීමේදී 151%ක කැපී පෙනෙන වර්ධනයක්.