
2026 “ශිෂ්‍යත්වය” “උසස් පෙළ” සහ “සාමාන්‍ය පෙළ” පුරුදු කාලෙටම
2026 වසරේ සිට පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ යන විභාග තුනම, 2026 වර්ෂයේම පවත්වන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
2026 වසරේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු 19 දාත්, උසස් පෙළ විභාගය අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වාත්, සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 17 වැනිදා දක්වාත් පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.
2027 උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය 2026 ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වෙයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර කිහිපයක් විභාග පැවැත්වීම සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව පැවැතිණි.
ඒ අනුව 2025 සාමාන්‍ය පෙළ විභාගය ද 2026 පෙබරවාරි 17 සිට 2026 පෙබරවාරි 26 දක්වා පැවැත්වේ. 2026 සිට ඉහත ප්‍රධාන විභාග තුන සාමාන්‍ය පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
