2100 වන විට හිමාලයානු ග්ලැසියර 80% ක් පමණ අහිමි වන බවට අනතුරු ඇඟවීමක්

2100 වන විට හිමාලයානු ග්ලැසියර 80% ක් පමණ අහිමි වන බවට අනතුරු ඇඟවීමක්

පවතින ගෝලීය දේශගුණික විපර්යාස හමුවේ 2100 වනවිට හිමාලයේ ග්ලැසියරවල අයිස් ධාරිතාවෙන් 80%ක් පමණ අහිමි වන බව නේපාලයේ ජාත්‍යන්තර විද්‍යාඥයන් නව වාර්තාවකින් පෙන්වා දෙනවා.

ඒකාබද්ධ කඳු සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICIMOD) විසින් අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව මගින්, බටහිරින් ඇෆ්ගනිස්ථානයේ සිට නැගෙනහිරින් මියන්මාරය දක්වා වර්ග සැතපුම් මිලියන 1.6 (වර්ග කිලෝමීටර මිලියන 4.1) දක්වා විහිදෙන ප්‍රදේශයකට දේශගුණික විපර්යාසවල බලපෑම විමර්ශනය කර තිබෙනවා.

පසුගිය දශකය හා සසඳන විට 2010 ගණන්වල හින්දු කුෂ් සහ හිමාලය කඳුවැටි කලාපයේ ග්ලැසියර 65% වේගයෙන් දිය වී ගිය බව වාර්තාව සොයාගෙන ඇති අතර, ඉහළ යන උෂ්ණත්වය පෙරට වැඩ වේගයෙන් ග්ලැසියර දිය වීමට බලපෑම් කරන බවයි සඳහන් වන්නේ.

හිමාලය කලාපයේ අයිස් සහ හිම, චීනය, ඉන්දියාව සහ පකිස්ථානය ඇතුළු රටවල් 16 ක බිලියන දෙකකට මිනිසුන්ට මිරිදිය ජලය සපයන ගංගා 12 ක් පෝෂණය කරන කරන අතර ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඒවාටද දැඩි බලපෑම් කරන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

සෙල්සියස් අංශක 1.5 ත් 2 ත් අතර උෂ්ණත්වයක් සමඟ, ලොව උසම කඳුකර කලාපය 2100 වන විට එහි පරිමාවෙන් 30% සිට 50% දක්වා අහිමි වනු ඇති බවට එම වාර්තාව අනතුරු අඟවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This