28 දෙනෙකුට මරු කැඳවූ සංචාරක නෞකාවක කපිතාන්වරයෙකුට වසර පහක සිර දඬුවම් (VIDEO)

28 දෙනෙකුට මරු කැඳවූ සංචාරක නෞකාවක කපිතාන්වරයෙකුට වසර පහක සිර දඬුවම් (VIDEO)

බුඩාපෙස්ට් හි ඩැනියුබ් නදියේදී කුඩා සංචාරක යාත්‍රාවක ගැටී 28 දෙනෙකුට මරු කැඳවූ සංචාරක නෞකාවක කපිතාන්වරයාට වසර පහක සිර දඬුවම් හිමිව තිබෙනවා

2019 වසරේ මැයි මාසයේ වැසි කුණාටුවක් අතරතුර, දකුණු කොරියානු සංචාරකයින් රැගෙන ගිය Mermaid සංචාරක බෝට්ටුව අනතුරෙන් තත්පර කිහිපයක් ඇතුළත ගිලී ගොස් තිබුණා

Vikyn Sigyn කෲස් නෞකාවේ යුක්‍රේනියානු කපිතාන් Yuri Chaplinsky වරද ප්‍රතික්ෂේප කළ නමුත් බරපතල නොසැලකිලිමත්කමට වරදකරු වීමට හේතු වී තිබෙනවා

මියගිය අයගෙන් 25 දෙනෙක් දකුණු කොරියානුවන් වන අතර Mermaid සංචාරක බෝට්ටුවේ සිටි කපිතාන්වරයා සහ එහි කාර්යය මණ්ඩලය ද මියගිය බවයි විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කළේ

2019 වසරේ සිට අත්අඩංගුවේ පසුවන Yuri Chaplinsky උසාවියට කියා සිටියේ මෙම අනතුර සම්බන්ධයෙන් තමා දැඩි කණගාටුව පළ කරන බවයි.

Share This