30%ක තීරු බද්ද අඩු කර ගැනීමට කටයුතු නොකළහොත් ඇඟළුම් කර්මාන්තය බරපතල අර්බුදයක – ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය

30%ක තීරු බද්ද අඩු කර ගැනීමට කටයුතු නොකළහොත් ඇඟළුම් කර්මාන්තය බරපතල අර්බුදයක – ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය

අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පැනවූ 30%ක තීරු බද්ද තවදුරටත් අඩු කර ගැනීමට කටයුතු නොකළහොත් ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය බරපතල අර්බුදයකට ලක්වන බව ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මේ අතර අමෙරිකාවෙන් 30%ක තීරු බද්දක් පැනවූ පසුබිමක එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට තීරු බදු සහනයක් ලබා දීම තම සංගමය වසර කිහිපයක් තුළ සිදුකළ ක්‍රියාවලියකින් ලද ජයග්‍රහණයක් බවයි එම සංගමය ප්‍රකාශ කළේ.

අමෙරිකාව මෙරටට පැනවූ නව බදු ප්‍රතිශතය පිළිබඳව ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයින් පවසන්නේ මෙම තීරු බද්ද මෙරට ආර්ථිකයට මරු පහරක් එල්ල කරනු ඇති බවයි.

මේ අතර අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී පක්ෂ – විපක්ෂ අදහස් පළ වුණා.

 

Share This