
42කට දිවි අහිමි කරමින් වන්දනාවේ ගිය බසයක් ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටෙයි
ඉන්දියානු ජාතිකයින් පිරිසක් රැගත් බස් රථයක් මක්කම වන්දනාවට ගොස් එන අතරතුර අනතුරට ලක්වීමෙන් 42දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පිරිස ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ සිට පැමිණි පිරිසක් බවද සඳහන් වෙයි.
අදාළ බස් රථය අනතුරට ලක්ව ඇත්තේ ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී ගිනි ගැනීම හේතුවෙන් බව වාර්තා වන්නේ.
අනතුරින් ගිනිගත් බස් රථයේ සිටි පිරිසට ඉන් පිටතට පැමිණීමට නොහැකි වී ඇති අතර, දිවි ගලවා ගැනීමට හැකිව ඇත්තේ එක් පුද්ගලයෙකුට පමණයි.
මියගිය පිරිස අතර වැඩි ප්‍රමාණයක් කාන්තාවන් සහ දරුවන් වන අතර ඔවුන්ගේ මෘත දේහයන් හඳුනා ගැනීමට නොහැකි වන පරිදි පිලිස්සී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
