5000 බෙදද්දී කළ අක්‍රමිකතා හෙළිවේ

5000 බෙදද්දී කළ අක්‍රමිකතා හෙළිවේ

කොරෝනා වසංගතය හේතුවෙන් ජිවන මාර්ග අහිමි වූ පවුල් සඳහා පසුගිය රජය මගින් ලබාදුන් රුපියල් පන්දහසේ දීමනාවට අදාලව අක්‍රමිකතා රැසක් සිදුව ඇතයි ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණන පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා

රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමේදී නියමිත මුදල ඉක්මවා ඇතැම් පවුල්වලට ගෙවා ඇති බව අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර විගණකධිපතිවරයා සඳහන් කරනවා

එවැනි සිදුවීම්වලින් රජයට අහිමි වී ඇති මුදල් යළි අය කර ගැනීමට නිර්දේශ කරමින් එම අක්‍රමිකතා සිදුව ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අදාළ නිර්දේශ යොමුකළ බවද ඔහු සඳහන් කරනවා

බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල මෙම විගණනය සිදුකර ඇති අතර මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විගණකාධිපතිවරයා අපේක්ෂා කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This