57කට මරු කැඳවූ ග්‍රීසියේ දුම්රිය අනතුරෙන් පසු තවදුරටත් විරෝධතා -නව ප්‍රවාහන ඇමතිගෙන් පොරොන්දු රැසක්

57කට මරු කැඳවූ ග්‍රීසියේ දුම්රිය අනතුරෙන් පසු තවදුරටත් විරෝධතා -නව ප්‍රවාහන ඇමතිගෙන් පොරොන්දු රැසක්

පුද්ගලයන් 57 දෙනෙකුට මරු කැඳවූ ග්‍රීසියේ දුම්රිය අනතුර සම්බන්ධයෙන් කෝපය ප්‍රදර්ශනය කරමින් ග්‍රීසියේ දස දහස් ගණනක් ජනයා විරෝධතා සහ වැඩ වර්ජනවලට තවදුරටත් සහභාගී වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට කැරලි මර්දන පොලිසිය විසින් ඇතන්ස්හි විරෝධතාකරුවන් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා

තෙසලෝනිකි නගරයේ විරෝධතාවලට ද පොලිසිය මැදිහත් වී ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය පෙබරවාරි 28 වැනිදා මගී දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුවුණා

මගී දුම්රියේ සිටි 350 දෙනාගෙන් බොහෝ දෙනෙක් සිසුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එරට අගමැති Kyriakos Mitsotakis ටද සිදුවූ මාරාන්තික දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමට විරෝධතාකරුවන් විසින් මෙහිදී බල කර තිබෙනවා

වැඩවර්ජනය කළ අය අතර දුම්රිය සේවකයන්, වෛද්‍යවරුන්, ගුරුවරුන්, බස් රථ රියදුරන් සහ තොටුපළ කාර්ය මණ්ඩලය වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

අනතුර සිදුවීමෙන් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා ඉල්ලා අස්වූණා

ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පත්වූ නව ප්‍රවාහන අමාත්‍ය ජෝර්ජ් ජෙරපෙට්‍රිටිස් දුම්රිය ප්‍රවාහන පද්ධතිය රජය විසින් යථා තත්ත්වයට පත් කරන බවට පොරොන්දු වී ඇති අතර හැකි උපරිම මට්ටමේ ආරක්ෂාව සහතික කරන බවත් එසේ නොමැතිව නැවත කිසිදු දුම්රියක් පිටත් නොවන බවටත් පොරොන්දු වී තිබෙනවා

Share This