64 හැවිරිදි කාන්තාවකගේ කනේ දින හතරක් තිස්සේ මකුළුවෙක්

64 හැවිරිදි කාන්තාවකගේ කනේ දින හතරක් තිස්සේ මකුළුවෙක්

තායිවානයේ 64 හැවිරිදි කාන්තාවක් ඇගේ වම් කනේ දින හතරක් තිස්සේ අසාමාන්‍ය ශබ්දයක් ඇසීමෙන් පසු සායනයකට ගොස් තිබෙනවා.

එහිදී වෛද්‍යවරුන් ඇගේ කනේ සිටි මකුළුවෙකු සොයා ගැනීමත් සමග සියලුදෙනා කම්පනයට පත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෛද්‍යවරුන් විසින් මකුළුවා ඉවතට ගැනීමට කටයුතු කළ පසුව කාන්තාවගේ රෝග ලක්ෂණ පහව ගොස් තිබෙනවා.

කාන්තාව දැඩි ලෙස පිඩාවට පත්වී සිටියත් වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ කන් බෙරයට කිසිදු හානියක් සිදුව නොමැති බවයි.

කාන්තාවගේ කන් බෙරයට කිසිම අබාධයක් ඇති නොවීම විශ්මයජනක බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This