
7 වන වරටත් ජනපති වූ ඇලෙක්සැන්ඩර්
බෙලරූස් ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ යළිත් වරක් ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ, 7 වන වරටයි.
ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 1994 වසරේ සිට බෙලරූස් හි ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන අතර ඔහු මෙම ජයග්‍රහණයත් සමග 2030 වසර දක්වා ජනාධිපති ධුරයේ කටයුතු කරනු ඇති.
ජනාධිපතිවරණයෙන් ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ 86.82%ක ජයග්‍රාහී ඡන්ද ප්‍රතිශතයක් ලබා තිබෙනවා.