
7.75%ක් ලෙස ප්‍රතිපත්ති පොළී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි
මුදල් ප්‍රතිපත්ති මණ්ඩල ඊයේ රැස්වූ අතර මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් ලෙස නොවෙනස්ව පවතිනවා.
මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන දිගු කාලීන හෝ මධ්‍යකාලීන මුදල් ප්‍රතිපත්ති පිළිබඳ දත්තයන් හා ඉදිරි පුරෝකථනයන් ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධියට පත්කිරීම මුදල් ප්‍රතිපත්ති වාර්තාව මඟින් සිදු කෙරෙනවා.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ගෝලීය අවිනිශ්චිතතා මඟින් ඇතිවිය හැකි බලපෑම් සමීපව නිරීක්ෂණය කරන අතර නව දත්ත ඇගයීමද අඛණ්ඩව සිදුකරනු ලබනවා.
ඒ අනුව මේ වනවිට දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුවයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබෙන්නේ.