
75වන ජාතික නිදහස් දින වෙනුවෙන් තැබූ සුබ පණිවිඩ
පසුගිය වසර 75 පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ ප්‍රමාණයක් වන බැවින් එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම සඳහා ලෝක ආර්ථිකයේ සැලකිය යුතු තරම් විශාල පංගුවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීම මේ වසරේ අපගේ මූලික අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.
ඒ 75වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් එක් කරමින්.
නව ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළ අප දැන් රට හමුවේ තබා ඇති බැවින් ප්‍රෞඩ ජාතියක් වූ ශ්‍රී ලාංකීය ජාතියේ අතීත ශක්තීන් නැවත මෙනෙහි කරමින් සහ නවීන තාක්ෂණය සමග එක් ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අපි කඩිනමින් පියනැගිය යුතු බවයි එම පණිවිඩයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.
එසේම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ අන්තවාදීන්ගෙන් හා බෙදුම්වාදීන් ගෙන් දිනාගත් නිදහස සුරැකීමට කැපකිරීම් සිදු කළ සියලු හමුදා සාමාජිකයන්ට ප්‍රණාමය පුද කරන බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කළා.
ඔහු ප්‍රකාශ කර සිටියේ මාතෘ භූමිය වෙනුවෙන් සිය ප්‍රාණ වායුව පුද කළ විරුවන් ගෞරවයෙන් සිහිපත් කරන බවයි.