‘8 වන ගෝලීය බුද්ධි මණ්ඩල සමුළුව ’පැවැත්වෙයි

‘8 වන ගෝලීය බුද්ධි මණ්ඩල සමුළුව ’පැවැත්වෙයි

චීන ජාත්‍යන්තර ආර්ථික අදහස් හුවමාරු මධ්‍යස්ථානය සංවිධාන කළ ‘8 වන ගෝලීය බුද්ධි මණ්ඩල සමුළුව බෙයිජිං හිදී ආරම්භ වී තිබෙනවා.

20කට වැඩි රටවල් හා ප්‍රදේශවල නියෝජිතවරු 400කට අධික පිරිසක් එක්ව ගෝලීය සංවර්ධන අභියෝග යනාදී කරුණු පිළිබඳව එහිදී සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

‘ගෝලීය දේශගුණ පාලනය හා ජගත් සහයෝගතා’, ‘ගෝලීය ආර්ථික ඛණ්ඩනය, කර්මාන්ත හා සැපයුම් දාම ප්‍රතිව්‍යුහගත කිරීම’ ඇතුළු උණුසුම් තේමාවන්ට අවධානය යොමු කළ සමුළුව ‘චීන සනීපාරක්ෂක හා සෞඛ්‍ය සංවර්ධන ඇගයුම් වාර්තාව(2023)’ නම් නිල් පත්‍රිකාව ද එහිදී නිකුත් කර තිබෙනවා.

විවිධ රටවල් විද්‍යා තාක්ෂණික සහයෝගතා හා නවෝත්පාදන සම්පත් අතර සම්න්ධීකරණ ඵලදායිතාව ශක්තිමත් කළ යුතු බවට අදාළ සමුළුවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.

එමෙන්ම විවෘත ගෝලීය තාක්ෂණික නවෝත්පාදන පද්ධතිය ඉදිකිරීම ඉදිරියට ගෙන යා යුතු බව එම සමුළුවට එක්වූ ආරාධිතයින්ගේ පොදු අදහස වී ඇති අතර ලෝක ආර්ථික පුනර්ජීවනයේ වැදගත් ගාමක බලයක් වන චීනය ආර්ථික ගෝලීයකරණය, පොදු ජයග්‍රාහී සහයෝගතා ප්‍රවර්ධනය සඳහා වඩාත් ප්‍රබල මෙහෙවරක් ඉටු කර ඇති බවද ඔවුන් එහිදී පෙන්වා දී තිබෙනවා.

Share This