
9 වැනිදායින් පසුව වැසි වැඩිවීමක් ගැන කාලගුණයෙන් අනාවැකි (VIDEO)
මේ වන විට දිස්ත්‍රික්ක 5ක් සඳහා නිකුත් කරනු ලැබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය තවදුරටත් බලාත්මක කර තිබෙනවා.
මේ අතර, ඊසාන දිග මෝසම් තත්ත්වය මේ වනවිට දිවයින වටා සක්‍රිය වෙමින් පැවතීම හේතුවෙන් 9 වැනිදායින් පසු වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊසාන දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් අද උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වල පස්වරු 1න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියා.
ගිඟුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයින වටා පිහිටි ජලාශ රැසක් එහි උපරිම ජලධාරිතාව ඉක්මවා යාමෙන් ඒ අවට ප්‍රදේශ රැසකටම හානි සිදු වුණා.
මේ වනවිට එම තත්ත්වය පාලනය වී තිබුණත් ඊයේ රාත්‍රියේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මොරගහකන්ද ජලාශය එහි උපරිම ජල මට්ටම කරා ළඟාවෙමින් පවතින බවයි.
එම නිසා ඒ අවට ගම්මානවල ජනතාව මේ පිළිබඳව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියා.
ජල තත්ත්වය පාලනය කිරීම සඳහා යළිත් නාච්චාදූව ජලාශයේ වාන් දොරටු සියල්ලම ද අඩි 6 බැඟින් විවෘත කිරීමට කටයුතු කර තිබුණා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙය අනතුරු දායක තත්ත්වයක් නොවන බවයි.
එමෙන්ම පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් තවදුරටත් දිස්ත්‍රික් 5ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවධානම් පවතින ස්ථානවලින් ජනතාවට ඉවත්ව ආරක්ෂිත ස්ථානකරා යන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය සහ නායයෑම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකම ජනතාවගේ ජන ජීවිතයට පීඩා එල්ල වුණා.
මේ පසුගිය දිනවල පැවති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක් ජලයෙන් යටවී විනාශයට පත්ව තිබූ ආකාරයයි.
පැවති අධික වර්ෂාපතනය හමුවේ ඇල්ල ප්‍රදේශයේ සුන්දර සංචාරක නැරඹුම් ස්ථානයක් වූ රාවණා ඇල්ලේ ජල මට්ටම ද මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබුණා.
පස්සර ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් යාකරන මාර්ගයක් දෙමොදර ප්‍රදේශයෙන් මුළුමනින්ම නායයෑම හේතුවෙන් එම ප්‍රදේශයේ ගමනාගමන කටයුතු ද අඩාල වී ඇති අතර, නිවාස රැසකට ද බරපතල හානි සිදුව තිබෙනවා.
රාජාංගනය යාය 1 ප්‍රදේශයේ ගොවීන් ද තම වගාබිම් ජලයෙන් යටවීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.
එමෙන්ම බිඳී යාමට ලක් වූ රාජංගන දකුණු ඉවුරේ ගොවි ජනපදයකට ජලය ගෙන එන ප්‍රධාන පද්ධතියේ වැව් බැම්ම ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් සකස් කිරීමට කටයුතු කළා.
මේ කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් යට වූ කොටිකාවත්ත ප්‍රදේශයේ අද වන විට යථාතත්ත්වයට පත් වෙමින් පැවතුනා.
එමෙන්ම ත්‍රිවිධ හමුදාවේ දායකත්වයෙන් ආපදාවට පත් වූ ප්‍රදේශවල ජනතාවගේ ජීවිත යථාවත් කිරීම සඳහා තවදුරත් කටයුතු කරමින් පවතිනවා.
