91කට කොවිඩ් වැළඳුණු ළමා නිවාසය
පිළියන්දල එස්.ඕ.එස් ළමා ගම්මානයේ දරුවන් 50 දෙනකු ඇතුළු 91කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ජ්‍යෙෂ්ඨ ප්රකාශිකාවක් දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා
එම පිරිස අතර එහි අධ්‍යක්ෂකවරයා සහ සහකාර අධ්‍යක්ෂකවරයාද වන බවයි එම ප්‍රකාශිකාව සඳහන් කරන්නේ .
මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම පිටතින් පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයිද ගම්මාන අධ්‍යක්ෂකවරයාද සඳහන් කර තිබෙනවා
මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා.