කියෙව් ගුවන් තොටුපළකට රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයක්
උතුරු කියෙව්හි Antonov ගුවන් තොටුපළට රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී ඇතයි අගනුවර බලධාරීන් පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
Antonov ගුවන් තොටුපළ යුක්රේනයේ වැදගත්ම ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන ගුවන් තොටුපළ මෙන්ම ප්‍රධාන හමුදා ගුවන් කඳවුරක් බවයි පැවසෙන්නේ .
ගුවන් තොටුපළට ඉහළින් ඝන දුමාරයක් නැගෙන බවද වාර්තා වනවා
කියෙව් අගනුවර නේවාසික ගොඩනැගිල්ලකට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වීමෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් තිදෙනෙකු තුවාල ලබා ඇති බවද යුක්රේන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරනවා