ජනපති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැමහතා හමු වී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී (Changyong Rhee), නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් (Tubagus Feridhanusetyawan) යන මහත්ම මහත්මීන් ඒ අතර වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියා