හෙට පැය 10ක් විදුලිය කැපෙයි (වීඩියෝ)
හෙට (30) දිනයේදී පැය 10ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
ලංකා විදුලි බල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදුන් බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ අනුව හෙට (30) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා කාලය අතරතුර එලෙස පැය 10ක කාලයක් දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී විදුලි කප්පාදුව සිදුවනු ඇති.