විදුලි සැපයුම නොමැතිකම ජල සැපයුමටත් බාධා

විදුලි සැපයුම නොමැතිකම ජල සැපයුමටත් බාධා

විදුලි සැපයුම සාමාන්‍ය පරිදි සිදු නොවීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම ද විසන්ධි කිරීමට සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු තිළිණ විජේතුංග මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

විදුලි බලය විසන්ධි වන අවස්ථාවලදී ජලය පොම්ප කිරීමට බාධා මතු වන බවත් එබැවින් ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව විසන්ධි කිරීමට සිදුවිය හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

කෙසේ වෙතත් පවතින අසීරු තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම සඳහා ගත හැකි පියවර ගෙන ඇති බවත් විජේතුංග මහතා පවසනවා

එසේම පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය මත ජල පරිභෝජනය ඉහළ ගොස් තිබෙන බැවින් ජල පරිභෝජනය උපරිම මට්ටම දක්වා පැමිණ ඇති බවත් සඳහන්

පවතින අයහපත් තත්ත්වයන් මත ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන්  ජල පාරිභෝගිකයන්ගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරනවා

 

 

 

Share This