ජනප්‍රිය හොලිවුඩ් නළු විල් ස්මිත්ට දස වසරක තහනමක්

ජනප්‍රිය හොලිවුඩ් නළු විල් ස්මිත්ට දස වසරක තහනමක්

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ ජනප්‍රිය හොලිවුඩ් නළු විල් ස්මිත්ට ඔස්කාර් සම්මාන උළෙල සහ අනෙකුත් සියලු ඇකඩමි උත්සව තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2022 අප්‍රේල් 8 වැනි දින සිට වසර 10ක් දක්වා මෙම තහනම බලපැවැත්වෙන බවයි.

94 වන ඔස්කාර් සම්මාන උළෙලේදී විල් ස්මිත් එම උළෙලේ නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහරදීමේ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් සාමාව අයැද සිටි අතර පසුව ඔහු ඔස්කාර් ඇකඩමියෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කළා.

මේ අතර එවැනි අසාමාන්‍ය තත්ත්වයක් යටතේ ඉතා සංයමයෙන් කටයුතු කිරීම ගැන ක්‍රිස් රොක්ට කෘතඥතාව පළ කරන බවයි ඔස්කාර් සම්මාන ඇකඩමිය සඳහන් කර සිටියේ.

ඔස්කාර් සම්මාන ඇකඩමිය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ට සමාව දිය නොහැකි බවයි.

 

 

Share This