ගාලු මුවදොර ඇතිවූ ගැටුම්වලින් පසු මැති ඇමතිවරුන් 53කගේ පමණ දේපලවලට හානි

ගාලු මුවදොර ඇතිවූ ගැටුම්වලින් පසු මැති ඇමතිවරුන් 53කගේ පමණ දේපලවලට හානි

ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇති බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබිරි , වෛද්‍ය රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ආචාර්ය බන්දුල ගුණවර්ධන, කෙහෙලිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්‍ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, විදුර වික්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, අරුන්දික ප්‍රනාන්දු, එස් එම් චන්ද්‍රසේන, චන්න ජයසුමන, මොහාන් පී ද සිල්වා, හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩී.බී හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, පාරලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, උද්දික ප්‍රේමරත්න, අලි සබි්‍ර රහීම්, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්‍ෂ, අකිල එල්ලාවල, සංජීව එදිරිමාන්න, සමන්ප්‍රිය හේරත්, රාජිකා වික්‍රමසිංහ, ඩබ්ලිව්.ඩි වීරසිංහ, අනුප පැස්කුවල්, සහන් ප්‍රදීප් ඇතුළු මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට ජනතාව පහරදී ගිනි තබා විනාශ කර තිබෙන බවයි එම පුවත්පත සඳහන් කර තිබෙන්නේ

එමෙන්ම ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය තුළ වෙඩි ප්‍රහාරයකින් මියගිය අමරකීර්ති අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවෙසද කුපිත වූ පිරිස් ගිනි තබා විනාශ කර තිබෙනවා

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අයත් කුරුණෑගල පිහිටි නිවසකට ද ජනතාව ගිනි තැබූ බවයි වාර්තා කර තිබෙන්නේ.

එම නිවෙස්වල තිබූ රථ වාහන පවා පහරදීම් සහ ගිනි ඇවිලීම් හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශ වී ගොස් තිබෙනවා.

ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගමට පහරදුන් මැර කණ්ඩායම් ප්‍රවාහනය කළ බස් රථ ඇතුළු වාහන ගිනි තබමින් හා ඔවුන්ට පහර දෙමින් ජනතාව විරෝධය පළ කළ අතර බස් රථ ඇතුළු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් ගිනිබත් වී තිබෙන බව සඳහන් .

බස්නාහිර පළාත තුළ පමණක් බස් රථ ඇතුළු වාහන 97කට පහර දී ගිනි තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

තවත් වාහන ගනණාවක් අරලියගහ මන්දිරය අසල බේරේ වැවට ද තල්ලු කර තිබෙනු දක්නට ලැබුණා

ඇතිවූ ගැටුම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු දේශපාලනඥයන් දෙදෙනකු, පොලිස් කැරලි මර්දන ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු අට දෙනකු මියගොස් ඇති අතර, 232 දෙනකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා

Share This