රෙදි අපනයනයෙන්  වාර්තාගත ආදායමක් ලැබූ රට

රෙදි අපනයනයෙන් වාර්තාගත ආදායමක් ලැබූ රට

ගතවූ 2022 මූල්‍ය වර්ෂයයේ ඉන්දියාවේ හස්ත කර්මාන්ත ඇතුළු රෙදිපිළි සහ ඇඟලුම් අපනයනය ඩොලර් බිලියන 44.4ක වාර්තාගත අගයකට ලඟා වි තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙය 2021 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව 26% ක වැඩිවීමක් බව සඳහන්.

අපනයන කරන ලද රටවල් අතරින් එක්සත් ජනපදය ඉහළින්ම සිටින අතර සමස්ත රෙදිපිළි සහ ඇගලුම් අපනයනයන්ගෙන් 27% ක් යවා ඇත්තේ එරටටයි.

සමස්ත අපනයනයන්ගෙන් යුරෝපීය සංගමයට 18% ක්, බංග්ලාදේශයට 12% ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 6% ක් ලෙස යවා ඇති බව සඳහන්.

මුළු අපනයනයෙන් 39% ක් කපු රෙදි වන අතර එහි අගය පමණක් ඩොලර් බිලියන 17.2 ක්.

නිමි ඇඳුම් අපනයනය ඩොලර් බිලියන 16 ක් වී ඇති අතර එය මුළු අපනයනයෙන් 36% ක කොටසක්.

Share This