ඇපල් සමාගමේ නවතම නිෂ්පාදන

ඇපල් සමාගමේ නවතම නිෂ්පාදන

ලොව භාවිතයට ගැනෙන සියලු ජංගම දුරකථනවල ටැබ්ලට් සහ කැමරා සඳහා සම්මත ආරෝපකයක් නිශ්පාදනය කිරීමට අවශ්‍ය නීති සම්පාදනයට යුරෝපා සංගමය එකඟත්වය පළ කර ඇති බව වාර්තා වනවා.

මෙවැනි පියවරකට එළඹෙන ලොව මුල්ම අවස්තාව මෙය වන අතර මෙමගින් පාරිභෝගිකයින්ට වඩාත් පහසුවෙන් තම දුරකථන ඇතුළු ඒ ආශ්‍රිත උපාංග භාවිතයට ඉඩකඩ සැලසීමත් මුදල් ඉතිරි‍යත් වඩාත් වැදගත් වනු ඇති බවයි පැවසෙන්නේ

මේ අතර ඇපල් දුරකථන සමාගම නව සේවා රැසක් සමගින් යාවත්කාලීන කළ සිය නවතම නිෂ්පාදන පිළිබඳව ප්‍රකාශයට පත් කර තිබෙනවා

ඒ අනුව මෙම නවතම මෘදුකාංග සහිත නිශ්පාදන ලබන ජුලි මස සිට වෙළඳපළට එක් කරන බවයි ඇපල් සමාගම දැනුම් දී ඇත්තේ.

 

 

 

Share This