පාප් වහන්සේ අසනීප තත්ත්වයක් හේතුවෙන් අප්‍රිකානු සංචාරය කල් දමයි
අප්‍රිකානු සංචාරය කල්දැමීමට සිදුවීම සම්බන්ධයෙන් ප්‍රැන්සිස් පාප් වහන්සේ කොංගෝ සහ දකුණු සුඩාන ප්රජාතන්ත්රවාදී ජනරජයේ බලධාරීන්ගෙන් සමාව අයැද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
එමෙන්ම කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ සහ දකුණු සුඩානයේ තම සංචාරය හැකි ඉක්මනින් නැවත පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබෙන බව පවසනවා.
ජූලි 2 වනදා සිට 7 වනදා දක්වා සැලසුම් කර තිබූ සංචාරය කල් දමා තිබෙන්නේ පාප් වහන්සේගේ දණහිසේ සහ පාදයේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් බවද සඳහන්