කන්දකාඩු සත්ත්ව ආහාර වෙනුවෙන් ආරක්ෂක අංශ සහ පෞද්ගලික ආයෝජකයින්ට

කන්දකාඩු සත්ත්ව ආහාර වෙනුවෙන් ආරක්ෂක අංශ සහ පෞද්ගලික ආයෝජකයින්ට

කන්දකාඩු ගොවිපල ආරක්ෂක අංශ, සහ පෞද්ගලික අංශයේ ආයෝජකයින් එකතුව තෘණ සහ බඩඉරිඟු සහ සෝගම් වැනි සත්ත්ව ආහාර වෙනුවෙන් ලබා දීමට වහාම කටයුතු කිරීමටත් ඉදිරි මහා කන්නයේ දී වගා කළ හැකි සියලු ඉඩම් වගා කිරීමේ වැඩපිළිවෙලට කන්දකාඩු ගොවිපළේ දායකත්වය ද ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව, ඉදිරියේ දී මෙරට ඇති විය හැකි අහාර අර්බුදය උදෙසා වගා කල හැකි රජයට අයත් සියලුම ඉඩම් වගා කිරිමට පියවර ගන්නා බවත්, මෙරට වගා කිරීමේ පවතින ප්‍රධාන ගැටලුව වනා පොහොර නොමැති වීම සම්බන්ධයෙන් ගත් කළ එම ගැටලුවද නිරාකරණය කරමින් ඉදිරි මාසයේ දී පොහොර ලබා දීමට හැකි වනු ඇති බවත්, ඒ අනුව පොහොර අවශ්‍ය සෑම ගොවියෙකුටම අවශ්‍ය පොහොර ලබා දීමට කඩිනම් වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව, ඉදිරියේ ඇති වීමට තිබූ දැවැන්තම අර්බුදකාරී වාතාවරණය තරමක් දුරට මැඩපැවැත්වීමට මෙම ක්‍රියාවලීන් නිසා හැකිව තිබෙන බව ඒ මහතා කියා සිටි අතර අහාර අර්බුදයක් ඒවි යැයි පවසමින් අනවශ්‍ය ලෙස වී තොග රැස් කර ගබඩා කර තැබීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් තමන් ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

 

Share This