භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ගත් පියවර

භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ගත් පියවර

මෙවර යළ කන්නයේ සහ එළඹෙන මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවිමණ්ඩලය මඟින් කටයුතු කරන බවත් හිඟයකින් තොරව පරිභෝජනයට අවශ්‍ය සහල් ලබාදීම සඳහා රජය විසින් විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව දෙහිවල පිහිටි ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත් ආහාර ද්‍රව්‍ය අලෙවිසැල නවීකරණය කිරීමෙන් අනතුරුව පාරිභෝගික සේවාවන් සැපයීම සඳහා ආරම්භ කර තිබෙනවා.

ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ අලෙවිසැල් ජාලය ක්‍රමවත් කිරීම මඟින් වෙළඳපොලේ පවතින මිලට වඩා සහන මිලකට සහල්, එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ වියළිආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ පහසුකම් සැපයීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

විශේෂයෙන් වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමඟ ජනතාවට මුහුණදීමටඇති පීඩනය අවමකරලීමේ පියවරක් වශයෙන් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයට අයත්අලෙවිසැල් ජාලය මෙම වසර තුළදීම සක්‍රීය කිරීමට සැලසුම් කර තිබෙනවා.

වැඩිදුරටත් අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහල්වෙළඳපොල අරක්ගෙන සිටින සහල් මාෆියාවට හසුව සිටින ජනතාව එම මාෆියාවෙන්ගලවාගැනීම සඳහා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මෙන්ම හදබිම අධිකාරිය ඇතුළුකෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින වෙළඳ ජාලය ශක්තිමත් කිරීම විශේෂයෙන්ම මිල්කෝ හා NLDB කිරි නිෂ්පාදන මෙම අලෙවිසැල් ජාලය ඔස්සේ පාරිභෝගිකයින්ට මිලදීගැනීමේ හැකියාව ඇති බවත් සඳහන් කර සිටියා.

Share This