වැඩි වෙන පොලී අනුපාත මෙන්න – සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්

වැඩි වෙන පොලී අනුපාත මෙන්න – සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්

ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මේ වන විට මහ බැංකුව විසින් පවත්වන මාධ්‍ය හමුවකදී අදාළ නිලධාරීන් සඳහන් කළේ , මුදල් මණ්ඩලය ක්‍ෂුද්‍ර , කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාකාරකම් සහ මුල්‍ය අංශයේ මුදල් තත්ත්ව දැඩි වීම සම්බන්ධයෙන් ක්‍අවධානය යොමු කර ඇති බවයි.

මතුපිට උද්ධමනය ඉහළ යාම , ඉල්ලුමෙන් ඇතිවන උද්ධමන පීඩන ගොඩ නැගීම , ඉදිරිකාලයේදී ඇති විය හැකි උද්ධමනය , සහ අහිතකර උද්ධමන තත්ත්වයන් පිලිබඳ සලකා බලා තව දුරටත් මුදල් තත්ත්ව දැඩි කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා

ඒ අනුව , ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික පදනම් අංක 100කින් ඉහල නැවීමට තීරණය කර තිබෙනවා.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50 බැගින් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මහ බැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය ‘‘සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්“ ලෙසින් හැඳින්වෙනවා .

Monetary Policy Review No 5 – Press Release-Sinhala

Share This