ඡායා පිටපතක මිල රුපියල් 5 කින් ඉහළට

ඡායා පිටපතක මිල රුපියල් 5 කින් ඉහළට

විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව ඡායා පිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් සෑම නිවසකම සහ ව්‍යාපාරික ස්ථානයකම කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලා සිටින බවයි එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා අද (10) සඳහන් කළේ.

Share This