නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 33ක් මරුට -22ක් අතුරුදන්

නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් 33ක් මරුට -22ක් අතුරුදන්

බටහිර නේපාලයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් 33 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෝසම් වර්ෂාව වයඹ දෙසින් කර්නාලි පළාතට බලපා ඇති අතර එම ප්‍රදේශයේ සිටි පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

අවම වශයෙන් පුද්ගලයින් 22 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අතුරුදන්වූවන්ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ පහත් බිම්වල පිහිටි කලීකොට් දිස්ත්‍රික්කයෙන් බවත් ගලවාගැනීමේ සහන කණ්ඩායම්වලට එම ප්‍රදේශවලට ළඟා වීමට දැඩි අසීරුතා පවතින බවත් වාර්තා වනවා.

 

Share This