අයවැය තෙවන වර කියවීමේ විවාදය අද සිට
අයවැය තෙවන වර කියවීමේ විවාදය අද (23) සිට ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.
8 වන දින පස්වරු 5.00 ඡන්ද විමසීම පැවැත්වෙනවා.
2023 අයවැය දෙවන වර කියවීම ඊයේ (22) සම්මත වූ අතර ඊට පක්ෂව ඡන්ද 121 ක් ද විපක්ෂව ඡන්ද 84 ක් ද හිමි වුණා.