අයිස් මත්ද්‍රව්‍ය ළමා මානසිකත්වය ගිල ගනීද..?

අයිස් මත්ද්‍රව්‍ය ළමා මානසිකත්වය ගිල ගනීද..?

මෙරට බහුලව ව්‍යාප්ත වෙමින් පවතින අයිස් මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා මේ වන විට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.

එවන් පසුබිමක් තුළ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසන්නේ පාසල් දරුවන් අයිස් මත්ද්‍රව්‍ය සඳහා යොමු කරවා ගැනීමේ දැවැන්ත සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙරට තුළ ව්‍යාප්තව පවතින අයිස් මත්ද්‍රව්‍ය ඉතා ප්‍රභල විෂ කාරක සහ ඇබ්බැහි කාරක මත්ද්‍රව්‍යයක් බවට වෛද්‍යවරුන් සනාථ කර සිටියා.

එක් දිනක් හෝ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළ හොත් ඉන් මිදීම ඉතා අපහසු බවත්, අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් ගේ ජීවිත කාලය කෙටි වන බවත් වෛද්‍ය නිගමනය වුණා.

මෙවන් පසුබිමක් තුළ අයිස් මත්ද්‍රව්‍ය වැටලීම් දිගින් දිගටම සිදුවෙන පසුබිමක අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් පහක් සන්තකයේ තබා ගන්නා පුද්ගලයෙකුට මරණ දඩුවම ලබාදීමට හැකිවන පරිදි නව නීති රෙගුලාසිද සකස් කෙරුණා.

මේ ආකාරයෙන් මනුෂ්‍ය ජීවිතයට දැඩි ලෙස හානි කරන අයිස් මත්ද්‍රව්‍ය මෙරට මානසික රෝග බොහෝමයකට ද බලපා ඇති බවයි මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසන්නේ.

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් සිදුවන බව වෛද්‍ය රූබි රූබන් මහතා අනාවරණය කළා.

ඔහු පවසන්නේ අයිස් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන්ගේ මානසික මට්ටම බරපතළ මානසික සෞඛ්‍ය කඩා වැටීමකට පැහැදිලි හේතුවක් බවයි.

Share This