කැස්පියන් මුහුදු වෙරළ තීරයේ සීල් මත්ස්‍යයින්ගේ හමුවුණු සිරුරු 2,500ක් දක්වා ඉහළට

කැස්පියන් මුහුදු වෙරළ තීරයේ සීල් මත්ස්‍යයින්ගේ හමුවුණු සිරුරු 2,500ක් දක්වා ඉහළට

දකුණු රුසියාවේ කැස්පියන් මුහුදු වෙරළේ මිය ගිය සීල් මත්ස්‍යයින් ප්‍රමාණය තවදුරටත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මුලදී මිය ගිය සීල් මත්ස්‍යයින් 700ක් පමණ වාර්තා වූ නමුත් මේ වන විට මිය ගිය සීල් මත්ස්‍යයින් 2500ක් පමණ සොයාගෙන ඇති බව එරට බලධාරීහු පවසන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මීට වඩා වැඩි සංඛ්‍යාවක් අනාවරණය වීමට ඉඩ ඇති බවත් තවදුරටත් ගණන් කිරීම සිදු කරගෙන යන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම කැස්පියන් සීල් මත්ස්‍යයින් 2008 වසරේ සිට ස්වභාව සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේන් (IUCN) රතු ලැයිස්තුවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්වයින් පිරිසක් බවට හඳුනාගෙන තිබෙනවා

කැස්පියන් පරිසර ආරක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානී Zaur Gapizov නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සති දෙකකට පමණ පෙර මෙම සීල් මත්ස්‍යයින් මිය යන්නට ඇති බවයි.

මෙම සතුන් මරා දැමුණු බවට හෝ ධීවර දැල්වලට හසු වූ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද කැස්පියන් පරිසර ආරක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා සඳහන් කරනවා

විශේෂඥයන් විසින් සීල් මත්ස්‍යයින්ගේ සාම්පල ලබාගෙන ඇති අතර, රසායනාගාර ප්‍රතිඵල ලැබුණු පසු මරණවලට හේතු තහවුරු වනු ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This