යුක්‍රේනයේ මධ්‍යම කියෙව්හි පිපිරීම්

යුක්‍රේනයේ මධ්‍යම කියෙව්හි පිපිරීම්

යුක්‍රේනයේ කියෙව් අගනුවර මධ්‍යයේ පිපිරීම් සිදුව ඇති අතර හදිසි සේවා එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මධ්‍යම ෂෙව්චෙන්කිව්ස්කි දිස්ත්‍රික්කයේ පිපිරීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම ගුවන් ආරක්ෂක පද්ධති මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවයි කියෙව් ආණ්ඩුකාර ඔලෙක්සි කුලේබා පවසා තිබෙන්නේ

රුසියාව ඔක්තෝබර් මාසයේ සිට යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම් වෙත මිසයිල සහ ඩ්‍රෝන යානා ප්‍රහාර දිගින් දිගටම එල්ලකරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This