වස බොන්න පන්සලට පැමිණි පුද්ගලයා හිමි නමකට වස පොවයි – (VIDEO)

වස බොන්න පන්සලට පැමිණි පුද්ගලයා හිමි නමකට වස පොවයි – (VIDEO)

ඓතිහාසික හිඳගල රජ මහා විහාරයේ වැඩ වසන 17හැවිරිදි හිමි නමකට කිසියම් පුද්ගලයෙකු පැරසිටමෝල් පෙති විශාල ප්‍රමාණයක් සමඟ වස ශරීර ගතකර වීම හේතුවෙන් එම හිමිනම පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වස බෝතලයක් රැගෙන විහාර භූමියේ දිය පාරක් අසල රැඳී සිටි පුද්ගලයෙකු එය පානය කරන බව ප්‍රකාශ කර ඇති අතර, මෙම හිමි නම ඔහුට පවසා ඇත්තේ විහාර භූමියේ එවැන්නක් සිදු නොකරන ලෙසයි.

එම අවස්ථාවේදී මොහු හිමි නමගේ ගෙලට පිහියක් තබා බලහත්කරයෙන් විෂ ශරීරගත කර ඇති බවයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

ඒ සමඟ තවත් පුවත් කිහිපයක් පහත විඩියෝවෙන් නැරඹිය හැකියි.

Share This