එප්පාවල දරුවා රැගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට (VIDEO)

එප්පාවල දරුවා රැගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට (VIDEO)

එප්පාවල ගැටදිවුල ප්‍රදේශයේ නිවසකින් අතුරුදන්ව සිටි 9 හැවිරිදි පිරිමි දරුවා රිකිල්ලගස්කඩ ජොන්ස්ලන් වතුයායේ නිවසක සිටියදී සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ දරුවා රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි විදුලි කාර්මික ශීල්පියාද අත්අඩංගුවට ගත් බවයි.

එම දරුවා පසුගිය 19 වැනිදා රාත්‍රියේ සිට අතුරුදන්ව ඇති බවට දරුවාගේ මවගෙන් එප්පාවල පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අදාළ විදුලි කාර්මිල ශිල්පියා අතුරුදන් වූ දරුවා නිතර පාසල් සහ උපකාරක පන්තිවලට පවා රැගෙන ගිය පවුලේ සමීපතමයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

ඒ අනුව සිදු කළ විමර්ශන වලදී අද (24) පෙරවරුවේ අදාළ දරුවා රිකිල්ලගස්කඩ ජොන්ස්ලන් වතුයායේ නිවසක රඳවා සිටියදී සොයා ගැණුනා.

එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකාර විදුලි කාර්මික ශිල්පියා අද (24) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This