හෝටලයක් ඉලක්ක කරගත් ප්‍රහාරයට පසු ‘ඇෆ්ගනිස්තානයේ’ ත්‍රස්ත කණ්ඩායමක් ගැන අවදානයෙන්

හෝටලයක් ඉලක්ක කරගත් ප්‍රහාරයට පසු ‘ඇෆ්ගනිස්තානයේ’ ත්‍රස්ත කණ්ඩායමක් ගැන අවදානයෙන්

ඉකුත්දා ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ පිහිටි චීන හෝටලයක් ඉලක්ක කර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ETIM ත්‍රස්ත කණ්ඩායම ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක බවට වාර්තා පළවීමත් සමග චීන බලධාරීන් අවස්ථා රැසකදී තලේබාන් පාලනය සමග සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ETIM සන්නද්ධ කණ්ඩායම මර්ධනය කරන ලෙස චීනය, තලේබාන් පාලනයට පවසා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් වාර්තා පවසන පරිදි දේශසීමාව හරහා ත්‍රස්ත කණ්ඩායම් රට තුළට පැමිණීම, ත්‍රස්ත ප්‍රහාර සදහා ඇෆ්ගන් භූමිය භාවිත කිරීම හා තුර්කියේ ක්‍රියාත්මක උයිගර් සන්නද්ධ කණ්ඩායම් රට තුළට ඇතුළුවීම වළක්වා ගැනීම සදහා තලේබාන් සංවිධානයේ සහය ලබා ගැනීම චීනයේ අපේක්ෂාව වනවා.

අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටව යාමෙන් අනතුරුව තලේබාන් පාලනය ස්ථාපිත වීම හේතුවෙන් රටවල් කිහිපයක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා බාධා එල්ල වුව ද චීනය ඇතුළු රටවල් කිහිපයක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් පවත්වාගෙන යාමට පියවර ගෙන තිබෙනවා.

Share This