ඉරානයේ විරෝධතා තවදුරටත් -සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඉරාන මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

ඉරානයේ විරෝධතා තවදුරටත් -සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඉරාන මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට

මරණ දණ්ඩනයට නියම වූ විරෝධතාකරුවන්ගේ පවුල් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූ ඉරාන මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඔහුගේ බිරිඳගේ සහ ඉරාන මාධ්‍ය ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු නොදන්නා නමුත් එය සිදු වන්නේ රාජ්‍ය විරෝධී විරෝධතා මැඩපැවැත්වීම මධ්‍යයේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඉරාන කුර්දි ජාතික කාන්තාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියයාමේ සිද්ධියේ සිට මාස කිහිපයක් පුරා ඉරානයේ විරෝධතා පවතිනවා

22 හැවිරිදි මහ්සා අමිනීගේ මරණයෙන් පසු සැප්තැම්බර් මාසයේදී විරෝධතා පැන නැගුණා

සිකුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්, බෙයික් මහතාගේ බිරිඳ සහරා පවසා තිබෙන්නේ තොරතුරු අමාත්‍යාංශයේ නියෝජිතයන් විසින් ඔහුව රඳවාගෙන ඇති අතර ඔහුගේ ජංගම දුරකථනය, ලැප්ටොප් සහ බඩු බාහිරාදිය අත්අඩංගුවට ගත් බවයි.

විරෝධතා ආරම්භ වූ දා සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ ඡායාරූප මාධ්‍යවේදීන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව Faraz ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා

ඉරාන බලධාරීන් මහජන අත්අඩංගුවට ගැනීම්, සජීවී ගිනි තැබීම් සහ විරෝධතාකරුවන් සමග සම්බන්ධ යැයි ඔවුන් සිතන අය බිය ගැන්වීම හරහා හෝ ඔවුන්ට යම් ආකාරයකින් සහාය දීමෙන් විරෝධතා මැඩපැවැත්වීමට උත්සාහ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ වන විට අවම වශයෙන් විරෝධතාකරුවන් 516 දෙනෙකු මිය ගොස් තිබෙන අතර , ළමුන් 70 ක් ඇතුළුව, තවත් 19,262 ක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

ආරක්ෂක භටයින් 68 දෙනෙකු මිය ගොස් ඇති බව ද වාර්තා වනවා

AFP පුවත් ඒජන්සියට අනුව විරෝධතාකරුවන් දෙදෙනෙකු ඝාතනය කර ඇති අතර තවත් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This