සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04 ක මිල අඩු කරයි

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04 ක මිල අඩු කරයි

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 04 මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දේශීය සම්බා කිලෝවක් රුපියල් 05 කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 220 ක්.

එමෙන්ම දේශීය සුදු කැකුලු කිලෝවක්ද රුපියල් 16 කින් මිල අඩු කර තිබෙනවා.
එහි නව මිල වන්නේ රුපියල් 139ක්.

දේශිය සුදු නාඩු කිලෝවක්ද රුපියල් 02 කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 198 ක් වනවා.

මීට අමතරව පාන්පිටි කිලෝවක් ද රුපියල් 05 කින් මිල අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 240ක් බව සඳහන්.

Share This