නවසීලන්තයට අධික වර්ෂාපතනයක් -ගංවතුරින් සිව් දෙනෙකු මරුට

නවසීලන්තයට අධික වර්ෂාපතනයක් -ගංවතුරින් සිව් දෙනෙකු මරුට

ගංවතුරින් පීඩාවට පත් උතුරු නවසීලන්තයට තවත් අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව දැඩි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කරමින් එරට බලධාරීන් දැනුම් දී තිබෙනවා.

ඕක්ලන්ඩ් හි අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති අතර හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කෙරුණා

මේ අතර පුද්ගලයන් 350 කට පමණ හදිසි නවාතැන් අවශ්‍ය බව නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් සඳහන් කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය සිකුරාදා සිට ඕක්ලන්ඩ් ප්‍රදේශයට පෙර නොවූ විරූ වර්ෂාපතනයක් ලැබීමත් සමග ඉදිරි දිනවලදී ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව නගරයේ නගරාධිපති වේන් බ්‍රවුන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා

කෙසේවෙතත් අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ඕක්ලන්ඩ් ගුවන් තොටුපළ යළි විවෘත කර තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This