භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

පෙබරවාරි 15 වනදා රුපියල් මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව දින 91 කින්, දින 182 කින් සහ දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට නියමිතයි.

දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 45,000 ක භාණ්ඩාගාර බිල්පත්, දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීම සිදු කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

Share This