වසරකට මිලියන 385කට පළිබෝධනාශක විෂ වන බවට අනාවරණයක්
මිනිස් සිරුරට අහිතකර බලපෑමක් ඇති කළ හැකි පළිබෝධනාශක භාවිතය පිළිබඳ ගෝලීය රෙගුලාසි නොතකා ඇතැම් ගොවීන් සහ කම්කරුවන් ක්‍රියා කරනවා.
මේ හේතුවෙන් උග්‍ර පළිබෝධනාශක විෂවීම් මිලියන 385 ක් පමණ වසරකට වාර්තා වන බවයි සිදු කරන ලද අධ්‍යනයක දී අනාවරණය වී ඇත්තේ.
පළිබෝධනාශක ලෙස ශාක වර්ධනයට බලපාන පළිබෝධකයන්, වල් පැලෑටි හෝ වෙනත් ජීවීන් පලවා හැරීමට විනාශ කිරීමට සහ පාලනය කිරීමට භාවිතා කරන ද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍යයන් හැඳින්වෙනවා.
එය බෝගවල වර්ධනය සඳහා භාවිතා කිරීමේදී ඵලදායී වුවද, මිනිස් ඉන්ද්‍රියන් සහ ස්නායු පද්ධතියට බරපතල ලෙස හානි කළ හැකි විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු වන බවටයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
වසර පහළොවකට පෙර එක්සත් රාජධානියේ ස්ටැෆර්ඩ්ෂයර් හි බ්රෙවුඩ් පාර්ක් ෆාම් හි ගොවිපල කළමනාකරුවෙකු වන ටිම් පාර්ටන් ජීව විද්‍යාත්මක ගොවිතැන අත්හදා බැලීමට තීරණය කළා.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ අත්දැකීම විස්තර කර තිබුණේ මෙලෙසින්,
එහිදී කෘත්‍රිම පළිබෝධනාශක සහ පොහොර යෙදීම වෙනුවට නයිට්රජන් සහ පොස්පරස් පස තුළින් වැඩීමට සැලැස්වීම සඳහා ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී ස්වභාවික පොහොර භාවිතා කිරීමට කටයුතු කර තිබුණා
පළිබෝධනාශක භාවිත කරන කාලය තුළ හිසේ කැක්කුම සහ සමේ ආසාත්මිකතා අත්විඳීමට සිදු වූ බව ඔහු පැවසුවා.
අනතුරුව ඔහු ප්‍රකාශ කර තිබුණේ ජීව විද්‍යාත්මක කෘෂිකාර්මික ක්‍රමයක් අනුගමනය කිරීමෙන් පසු කිසිදු අහිතකර සෞඛ්‍ය බලපෑමක් තමන්ට අත්විඳීමට සිදු නොවූ බවටයි.
වසර 10 කට වැඩි කාලයක් ඔහුගේ වගාවන් සඳහා පොස්පරස් සහ පොටෑසියම් පොහොර භාවිතා කිරීමට සිදුව නොමැති අතර ශාක තුළ පෝෂණ සමතුලිතව තබා ගැනීමටයි ඔහු ක්‍රියා කර ඇත්තේ
ඔහුගේ අත්දැකීමට අනුව ශාකයට නිවැරදි පෝෂණය ලැබෙන්නේ නම් ඒවා රෝගී තත්ත්වයන්ට ගොදුරු නොවන බවද ඔහු මෙහිදී පෙන්වා දෙනවා.
කෘමීන් සහ වල් මර්දනය සඳහා පළිබෝධනාශක භාවිතය නැවැත්වීමෙන් පසු කෘමි හා පක්ෂි විශේෂවල විශාල වර්ධනයක් ඔහු නිරීක්ෂණය කර ඇති අතර වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂ ද විශාල ප්‍රමාණයක් යළි වර්ධනය වී තිබෙනවා.
පළිබෝධනාශකවල විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර එය මිනිසාගේ සංවේදී ඉන්ද්‍රියයන්ට සහ ස්නායු පද්ධතියට පුළුල් පරාසයක බලපෑම් ඇති කළ හැකි වන අතර ඇතැම් නිදන්ගත රෝගවලට ද අදාළ රසායනික හේතු වන බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
මෙරට ද කෘෂි රසායනික භාවිතා කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් පසුගිය කාලය පුරාම පැවතියා.
කෙසේ වෙතත් ඇතැම් නිදන්ගත රෝගවලට කෘෂි රසායන ද්‍රව්‍ය හේතු වී ඇති බවට පර්යේෂණවලින් සනාථ වී ඇති පසුබිමක කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවක් ජීවත් වන පොළොන්නරුව වැනි ප්‍රදේශවල නිදන්ගත වකුගඩු රෝගීන් වාර්තා වීම වැඩි වුණා.
ඒ හේතුවෙන් වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහලක් ද පොළොන්නරුව ප්‍රදේශයේ ඉදි කිරීමට කටයුතු කළා.