දකුණු ආසියානු පාපන්දු සත්කාරකත්වය ඉන්දියාවට

දකුණු ආසියානු පාපන්දු සත්කාරකත්වය ඉන්දියාවට

දකුණු ආසියානු පාපන්දු සම්මේලන කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට ලබා දී තිබෙනවා.

14 වන වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය ජුනි 30 සිට ජූලි 3 දක්වා පැවැත්වෙන අතර, සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාවද එයට ලංසු තබා තිබුණා.

පසුගිය මාසයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) අත්හිටුවනු ලැබීම හේතුවෙන් නේපාලය ද මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දැක්වීමට කැමැත්ත පළ කළා.

කෙසේ නමුත් ඉන්දියාවට තරගාවලිය පිරිනමනු ලැබුවේ එහි ඇති වඩා හොඳ පහසුකම් නිසාවෙන් බවයි වාර්තා වන්නේ.

Share This