දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයට

දකුණු අප්‍රිකාව පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයට

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ (24) කේප්ටවුන්හිදී පැවැති දෙවන අවසන් පූර්ව තරගයෙන් එංගලන්ත පරදා ජයග්‍රහණය වාර්තා කරමින්

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

මේ අනුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රිඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 164ක් රැස් කළ අතර එංගලන්ත කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 165ක්.

අනතුරුව පිටියට පිවිසි එංගලන්ත ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකිවුණේ ලකුණු 158ක් පමණයි.

20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා හෙට (26) සත්කාරක දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි.

Share This