ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීමට වැඩපිළිවෙලක්

ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබා ගැනීමට වැඩපිළිවෙලක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් The Technical Intern Training Program (TITP) සහ Specified Skilled Worker Program (SSW) වැඩසටන් සහ එකී වැඩසටහන්වලට අවස්ථාව සලසා දෙන ජපානයේ ආයතන ප්‍රවර්ධනය කිරීම පිණිස Japan International Trainee & Skilled Worker Cooperation Organization (JITCO) ආයතනය සමග එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ අනුව JITCO ආයතනය විසින් TITP සහ SSW වැඩසටන් සහ එකී වැඩසටහන් සඳහා මෙරට පුහුණුලාභීන්ට අවස්ථාව සලසා දෙන ආයතන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති අතර, එමගින් මෙරට තරුණ තරුණියන් වැඩි පිරිසකට තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් වශයෙන් සහ විශේෂ හැකියාවන් සහිත ශ්‍රමිකයන් වශයෙන් ජපානයේ රැකියා අවස්ථා සඳහා සම්බන්ධ වීමට අවස්ථාව උදා වනු ඇති.

මෙම අවස්ථාව සඳහා (JITCO) ආයතනය නියෝජනය කරමින් Masato Kume, Naoki Komi සහ Shigeo Matsutomi යන පිරිස සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Share This