කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ විශේෂ විමර්ශණ ඒකකයක්

කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ විශේෂ විමර්ශණ ඒකකයක්

කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ විශේෂ විමර්ශණ ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ විශේෂ විමර්ශණ ඒකකයක් නොමැති හෙයින් මෙවැනි ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී ඇති බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ අතිරේක ලේකම්වරු 13 දෙනෙක් සේවය කරන අතර ඉන් කිහිප දෙනෙක් කෘෂිකාර්මික සේවයෙන් ද, තවත් කොටසක් පරිපාලන සේවයෙන් ද පත්කර තිබෙනවා.

මෙම නිලධාරින්ට රාජකාරි පැවරීම සම්බන්ධව අමාත්‍යවරයාගෙන් ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති අතර එහි දී අමාත්‍යවරයා මෙම විශේෂ විමර්ශණ ඒ්කකයේ අවශ්‍යතාවය අවධාරණය කර තිබුණා.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති අනුබද්ධ ආයතනවල නිලධාරින්ගෙන් හා කාර්යමණ්ඩලවලින් වාර්තා වන ඇතැම් අක්‍රමිකතා මෙන්ම රජය ගනු ලබන යම් යම් තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ඇති වන ප්‍රමාදයන් සම්බන්ධව විමර්ශණ සිදු කිරීමට සුදුසු ඒකකයක් නොමැතීවීම රාජකාරි කටයුතු ඉටු කිරීමේ දී බලවත් අඩුපාඩුවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමනිසා ඊට විකල්පයක් වශයෙන් දැනට අමාත්‍යාංශය තුළ සිටින අතිරේක ලේකම්වරයෙක් හා කාර්ය මණ්ඩලයක් යොදවා මෙම විශේෂ විමර්ශණ ඒකකය පිහිටුවීමට කටයුතු කිරීමට පියවර ගත යුතු බව අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

Share This