රුපියල ශක්තිමත් වෙයි

රුපියල ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (01) අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 351.72 ක් සහ විකුණුම් මිල රු. 362.95 ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන්.

මේ අතර මෙම වසරේ පෙබරවාරි මස 28 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 0.4%ක අතිප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම වසරේ පෙබරවාරි මස 28 වන දින දක්වා කාලය තුළ දී යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ.

Share This