පොදු පිහිනුම් තටාක උණුසුම් කිරීමට  කුඩා  දත්ත පද්ධතියක සහය

පොදු පිහිනුම් තටාක උණුසුම් කිරීමට කුඩා දත්ත පද්ධතියක සහය

රෙදි සෝදන යන්ත්‍රයක් ප්‍රමාණයේ දත්ත පද්ධතියකින් ජනනය කරන තාපය මගින් පොදු පිහිනුම් තටාක උණුසුම් කිරීමේ නව ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා.

සුදු පෙට්ටියක් තුළ ඇති පරිගණකය තාපය ග්‍රහණය කර ගැනීම සඳහා තෙල්වලින් වටවී ඇති අතර එමගින් තටාකය සෙල්සියස් අංශක 30 සිට 60 දක්වා උණුසුම් කිරීමට ප්‍රමාණවත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වසර පහක් පුරා සංවර්ධනය කරන ලද මෙම සංකල්පය ඉදිරියට යාම අපේක්ෂා කළහැකි බව මෙහි නිර්මාතෘ Mark Bjornsgaard පවසනවා.

Swim England හි ප්‍රධාන විධායක Jane Nickerson පැවසුවේ බලශක්ති අර්බුදයට විසදුම් ලෙස “නව්‍ය විසඳුම් සොයා ගනු ලබන ” තටාක දැකීම සතුටක් බවයි.

Share This